Wednesday, January 4, 2017

අලුත් අවුරුද්දේවත් මිත්‍යාවෙන් මිදෙමුද?



රනිල් වික්‍රමසිංහ අසරණව තිරුපති කෝවිලේදී



දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැස්ස ඉල්ලා දෙවියන් යදින්නට පටන්ගෙන තිබේ. වර්ෂාව නැති නියං කාලයක් අහවරව වර්ෂාව ළංවූ විගස ජනාධිපතිවරා විසින් ජාතික මට්ටමෙන් යැදීමේ ව්‍යාපෘතියක් පටන්ගෙන තිබුණි. පිරිත් කියන්නටත් දේවාලවලට යන්නත් පටන්ගෙන තිබුණු ජනාධිපතිවරයා නත්තල් දින උත්සවයදී කතෝලික පූජකවරුන්ගෙන්ද වැස්ස ලැබෙන්නැයි පතන්නට ඉල්ලා තිබුණි. ඒ මදිවාට ඔහු පොළොන්නරුවේදී බෝධිපූජා සහ දේව කන්නලවු කිහිපයකට සහභාගී වී තිබුණි.


වැස්ස ලැබෙන ලෙස යාඥා කරන ලෙස චක්‍ර ලේඛ යවන්නට පවා ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. ඒ බව රාවය පසුගිය සතියේ පුවතක සඳහන් වුණේ බෝධිපූජා සහ ශාන්තිකර්ම කරන ලෙස දැනුම්දෙමින් කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු රැසකට චක්‍ර ලේඛයක් යවා ඇති බවයි. ඒ අනුව දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වර්ෂාව ඉල්ලා බෝධි පූජාවක් ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට පවත්වා ඇතැයි පුවත් පළකර තිබුණි. 

අපි සති කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බුද්ධික පතිරණ විසින් විභාගය ලියන සිසුන්ට දේව බලයක් ඇතැයි කියමින් පෑන් බෙදීම ගැන අපි ලීවෙමු. ආසිරි වනිගරත්න නම් වංචනිකයා මිත්‍යාවෙන් මුදල් හම්බ කරන ආකාරය ගැනත් කතාකළෙමු. දේවාලවල පළතුරු වට්ටි රැගෙන පෝලිම් ගසන පුද්ගලයන්ව විවේචනය කළෙමු. 

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දකුණු ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් අවස්ථා කිහිපයක්ම පූජා පවත්වා තිබුණේ තමන්ගේ අනාගතය වෙනුවෙනි. අගමැතිවරයා පසුගිය සතියේ තිරුපති ගියේය. වඩා ලිබරල් සහ දියුණු ආකල්ප නියෝජනය කරන අගමැතිවරයාත් හදිසියේ තිරුපති දුවන බව පැහැදිළිය. 

රනිල් වික්‍රමසිංහ චෙන්නායි වෙත ගොස් තිරුපති කෝවිල කරා ගොස් තිබුණේ විශේෂ ගුවන් යානයකිනි. ඔහු කෝවිලට ගිය පසුව කෝවිලේ ප්‍රධානීන් අගමැතිවරයාට විශේෂ පිළිගැනීමක් ලබාදුන් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කොට තිබුණි. රනිල් එහි ගියේ පෞද්ගලික ගමනක් වුණත් ඔහු එහි ගිය ගමන පෞද්ගලිකව ගිය එකක් බවට පත්වන්නේ නැත. ඒ ශ්‍රී ලංකාවේ ජාතික සංකේතයක් වන අගමැතිවරයා තිරුපති යෑමකි. අපි මහින්ද රාජපක්ෂ තිරුපති යෑම විවේචනය කළෙමු. අද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් තිරුපති ගොස් ඇත. 

නවගමුව දේවාලයේදී අප දුටුවේ දේවාලයේ විවිධ ඉදිකිරීම් කරන්නට දේශපාලන නායකයන් විසින් ආධාර කර ඇති බව සඳහන් පුවරුය. නවගමුවේ පහළ දේවාලය ඉදිරිපිට තිබුනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නිරාවරණය කර තිබුණු පුවරුවකි. ඒ සත්පත්තිනි දේවාලයට ඉන්දියාවෙන් ජීවමාන ප්‍රමාණයේ කිරිගරුඬ පුවරුවක් ආණ්ඩුවේ වියදමින් ගෙන්වා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් විවෘත කළායැයි සඳහන් පුවරුවකි. නවගමුව දේවාලයේ කපුවන් කියන්නේ රටේ ප්‍රධාන පෙලේ පුද්ගලයන් නිතර නවගමුවට පැමිණෙන බවයි.
දැන් ජනාධිපතිවරයාට මාරක අපලයක් ඇති බව ජ්‍යෝතිශ්‍යවේදීන් කියා ඇතැයි ජනාධිපතිවරයා කැළඹි සිටින බව ඔහුට සමීප පුද්ගලයන් කියන කතාවක් බට පත්වී ඇත. එමෙන්ම අපට දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයා මේ වෙද්දී අපල වලින් මිදෙන්නට විවිධ පූජා පවත්වන බවයි.

වසර දෙකකට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට මැදිහත් වූවන් එසේ කළේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයා සමඟ තිබුණු පෞද්ගලික තරහක් නිසා නොවේ. ඔහුගේ මැදිහත් වීමෙන් රාජ්‍යය සමඟ වෙලාගත් ආකල්ප රට ආපස්සට ගෙන යන ඒවා වුණු නිසාවෙනි. ඒ ආකල්ප අතර මිත්‍යාව ඉදිරියෙන්ම තිබුණි. නැකැත් බලා ඡන්ද කල්දැමීමත් නියමිත කාලයට පෙර නැකැත් බලා ඡන්ද පැවැත්වීමත් විවේචනයට ලක්විය. 

රාජ්‍ය නායකයන් වුණත් ඔවුන්ට තමන් කැමති විශ්වාසයක් සමඟ ගණුදෙනු කරන්නට ඇති නිදහස පිළිගත හැකිය. ඒවා විවේචනය කරන්නට නිදහසක්ද තිබිය යුතුය. රාජ්‍ය නායකයන් ලෙස ලෞකික රාජ්‍ය පාලනය ගැන ලෞකික ලෙසින් කල්පනා කිරීම වැදගත්ය.
අතේ මුදු සිය ගණනක් තබාගෙන රාජ්‍ය මට්ටමෙන් ආගමික උත්සව පැවැත්වූ නායකයෙකු පරාජය විය. හැම පෝයටම අරලියගහ මන්දිරයේ බණ රූපවාහිනියෙන් විකාශනය කරවූ පාලකයෙකු පරාජය විය. මායා බෝල අතේ තබාගෙන සිටි පාලකයෙකු පරාජය විය. ඒ පරාජයෙන් වසර දෙකක් ගෙවී ගොස් ඇත. එහෙත් හිටපු නායකයා දැරූ ඇතැම් ආකල්ප පරාජය වී නැත. නූතන යුගයක් වෙනුවෙන් වෙනසක් කළත් නූතන යුගයක් උදා වී නැත.

එහෙත් ලංකාවේ රාජ්‍ය නායකයන් තවමත් නූතන යුගයට හැඩගැසී නැත. ආකල්ප වලම ගැටලුවක් ඇත. රාජකීය දෛවඥයන් නැති වුණත් දෛවඥයන්ට රාජ්‍ය නායකයන් තවමත් බියක් දක්වන්නේය. අපේ නායකයන් තවමත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය නැති වෙද්දී දේශපාලනිකව එයට මුහුණ නොදී දෙවියන්ගෙන් උදව් ඉල්ලන්නේය. වැස්ස නැතිවෙද්දී දෙවියන්ගෙන් වැස්ස පවා ඉල්ලන රාජ්‍ය නායකයන් තවමත් අපට සිටින්නේය. අලුත් අවුරුද්දේවත් අලුත් ආකල්ප නායකයන්ට පහළ වීම යහපත්ය. ඒ රටේ නායකයන් දෙවියන් පසුපස යද්දී ජනතාව වෙනස් වේයැයි බලාපොරොත්තු තබන්නට නොහැකි නිසාය.

මෛත්‍රිපාල තිරුපති කෝවිලේදි
මහින්ද රාජපක්ෂ ගුරුවායූර්හීදී
2017- 01- 01 රාවය

9 comments:

  1. මුන් සෙට් එකේ අමුඩ ගලෝලා, වටේට වාඩි කරවලා, මාරුවෙන් මාරුවට එක එකාගේ බෝල දෙක මිරිකගන්න කිව්වා නම් ඔය අපල ඔක්කොම පැපොල වෙලා යයි. පිස්සු පීකුදු නෙමේ පිස්සු බාබත්. පං ගොකයෝ.

    ReplyDelete
  2. කෙමක් වෙන්න පුළුවන්

    ReplyDelete
  3. ලෝකය පවතිනා තාක් නැවැත්තිල්ල බොරු...

    ReplyDelete
  4. ඔක්කොමත් හරි රනිලගේ විදියවත් හිතාගන්න බෑ

    ReplyDelete
  5. වැස්ස ලැබෙන්ට දෙයියන්ට කියලා වැඩක් නෑ...
    වනාන්තර එහෙම කපන ඒවා නතර කරන්ට ඕනේ...
    විශේෂයෙන් අර ගොබ්බයෙක් උන්ගේ ජාතිය ලොකු කරන්ට ගම්මාන හදන්ට කපනවා කියන විල්පත්තුවයි, අනික් මෝඩයෝ වටිනා දැව වලට කපන අනික් ඒවායි ඔක්කොම නතර කරන්ට ඕනේ...


    මේ වගේ මෝඩ පිදිලි දේවල් නවතිනවා නම් පට්ට...
    ඒත් එහෙම වෙයිද කියන එක නම් සැකයි...

    ReplyDelete
  6. අර මරාගෙ බර කිරනව නේද? ඒ මක්කටෙයි?...:)

    ReplyDelete
  7. +++++++++++++ super.

    ReplyDelete
  8. මිනිස්සු මිත්‍යාව පස්සේ යන එක කොච්වර නවත්තන්න උත්සහ කරත් ඒවට උඩගෙඩි දෙන අය ඕන තරන් බිහි වෙනවා... හැමදාම උදේට ටීවී වල කට්ටියක් බෙලි කටු විකුණන් කද්දි, තවත් අය මුලු සෞරග්‍රහ මණ්ඩලේම විකුණන් කද්දි වගතුවක් තියේද ඉතින්...

    ReplyDelete