Sunday, January 1, 2017

අම්මා

 
ඡායාරූපය - සජිත් චානක

සවුදි අරාබියේ රියාද්හි මා ගතකළ කාලය අවුරුදු පහකි. රියාද් ලෝකයේ සිට මා ආශ්‍රය කලේ ආසියාවේ විවිධ රටවලින් පැමිණි මිතුරු මිතුරියන්වයි. පිලිපීන්, පාකිස්ථාන්, ඉන්දියා, බංග්ලාදේශ් වැනි විවිධ රටවලින් ආ අය තමන්ගේ ජීවිතය මා සමඟ බෙදා ගත්තෝය. එහෙත් මේ මිතුරියට තරම් සංවේදී කතාවක් කිසිවෙකුට තිබුණේ නැත. 

 
ලංකාවේදී ඇයව යළි මුණගැසෙන්නට අවස්ථාවක් ලැබුණි. ඇයට කියන්නට කතාවක් තිබුණි. ඇගේ කතාව මම අකුරු කළෙමි. මෙතැන් සිට ලියැවෙන්නේ ඇගේ කතාවයි.

ඇය

මා උපන් දා සිට හත්මාසයක් පමණක් අම්මා මා ළග සිටියා යැයි තාත්තාම්මා කීවා මතකය. තාත්තම්මා කියන්නේ තාත්තාගේ අම්මාටය.
උඹලාගේ අම්මා උඹ ඉපදීලා මාස හතෙන් උබව දාලා රට ගියේ. තාත්තාම්මා කීවේ එපමණය. එතැන් පටන් මා හැඳී වැඩි තිබුණේ අම්මාගේ අයියලාගේ ගෙදරය.ලොකු මාමාගේ බිරිඳගේ කෙනෙහිලිකම් මට වඩා අක්කාට හොඳ හැටි මතකය. තාත්තා මට දෙන්නටයැයි ගෙනත් දෙන ඇන්කර් පිටි එක ඇගේ දියණියන්ට දිය කර දෙන නැන්දා මට සහ අක්කාට ප්ලේන්ටි පොවන බව අක්කා මෑත කාලයක් යනකම් නිතරම මට මතක් කළාය. ඕවා මට මතක නැත.
මට මතක කාලයකට තිබුණේ  පෙර පාසල් කාලයයි. මාලිගාවත්ත  බෝධිරාජ පෙරපාසලට අක්කාගේ අතින් අල්ලාගෙන හැම දිනම ඇවිද ගියා යාන්තමට මෙන් මතකය. එදවස අපව බලාගත්තේ තාත්තම්මාය. ඇය පිටකොටුවේ  දෙහි වෙලදාම් කරන්නියක් බව ඇය අපට පැවසුවාය. තාත්තාම්මා අපිට කතන්දර  කියා දුන්නේ නැත. ඇය කියා දුන්නේ අම්මාව බැගෙන තාත්තා දුක්විදින බවයි. ඇය කියූ විදියට තාත්තා අම්මාව විවාහ කරගෙන තිබුණේ  ඇයට අවුරුදු දහතුනේදීය. තාත්තාව විවහ කරගෙනද අම්මා වෙන පිරිමින් සමඟ ඇයි හොදැයිකම් පවත්වනා බව ඇය කියුවා මතකය.

හදිසියේම දිනෙක තාත්තාම්මා මියගියේ අප නිදාසිටින ඇද අසලමය. අපට කුණුහරුපෙන් බණිමින් වුව තිබුණු ආදරය ගිලිහී ගියේ ඒ අයුරින්ය.
තාත්තම්මාගේ තුන්මාසයේ දානයට අම්මා ආවාය. මම ඇයව අඳුනා නොගත්තෙමි. අහල පහල අය මට කීවේ ඇය මගේ අම්මා කියාය. අම්මා ටොෆි චොකලට් ගොඩක් අරන් ආවා මතකය. ඒවා අතට දුන්නත් මාව තුරුළු  කරගත්තේවත් නැත. අම්මාට තුරුල්වෙන හැටි මම නොදනිමි.
කාලයක් යද්දී අම්මාව සොයා ගෙදරට ආ මාමා කෙනෙක් නිසා තාත්තා අම්මාට පහර දුන්නාය. ආයෙමත් ඇය යලිත් ඩුබායි ගියාය.
ඉන්පසුව අපි හැදි වැඩුනේ වත්තේ රේණුකා නැන්දා  ලඟය. ඇයට පුතාලා දෙනෙක්ද දියණියන් දෙන්නෙක්ද සිටියෝය. රේණුකා නැන්දාගේ දෙවැනි දුව සුජීවා අක්කා සහ ඇගේ දියණියන් දෙදෙනා රේණුකා නැන්දා සමඟ ඇගේ නිවසේ කල්ගත කළෝය. සුජීවා අක්කාගේ සැමියාව වෑන් එකකින් පැහැරගෙන ගොස් තිබුණි. ඔහු  මාලිගාවත්ත දුම්රිය  නිවාස පෙදෙසේ  සිටි කසිප්පු  මුදලාලි කෙනෙකු විය. රේණුකා නැන්දලාගේ ගෙදර නැවතුනු දා පටන් මමත් අක්කාත් සුජිවා අක්කාගේ සහ රේණුකා නැන්දාගේ මෙහෙකාරියන් විය. ගෙදර දොර වැඩ කලෙත් අපමය. ලමයි බලාගත්තෙත් අපය. අවසානයේ ගුටි කෑවෙත් අපමය.
රේණුකා නැන්දාගේ පොඩි පුතා මාලක මාලිගාවත්තේ නම ගිය කුඩු මුදලාලි කෙනෙකු විය. ඔහු කුඩු පැකට් කලේද රේණුකා නැන්දලාගේ ගෙදරය. අපි ඒ නිවසේ සිටිනවානම් අපද ඔහුට උදව් කළයුතු විය. ටික කලක් ගතවන විට මගේ අක්කා කුඩු පැකට් කිරීමට හුරු විය. මට පුරුදුවෙන්නට නොහැකි වුණු නිසා කුඩු පැකට් ගණන් කලේ මමය. කුඩා ෂොපින් බෑග් එකකට කුඩු පැකට් විස්ස බැගින් දමා ගැට ගැසීම මගේ රාජකාරිය විය.

උදේ  පාන්දර අවදි වී ගෙදර සියළුම වැඩ කර කුඩු පැකට් ගණන් කර පසුව මම පාසල් ගියෙමි. පන්තියේ හොදම ශිෂයාවන් අතරින් මාද කෙනෙක්  විය. පාසලේ සෑම ගුරුවරයෙකුගේ ගුරු සිත දිනා සිටි මා හැම විෂයටම දක්ෂතා දැක්වුවෙමි.
රේණුකා නැන්දාගේ ගෙදර සිටිද්දී මා මල්වර වුණෙමි. මල්වර වූ අලුත දිනෙක ඇදුම් මාරු කරනා අතරතුර  මාලක අයියා හදිසියේම මා  සිටි කාමරයට කඩා වැදුනේය. එකදු ඇඳුමක් ඇඳ නොසිටි මා බිම ඉඳගනිමින් දෙකට තුනට ගුලිවී මාගේ නිරුවත වසා බෙරිහන් දුන්නෙමි. එදා පටන් මාලක අයියාගේ ගොදුරක් වන්නට මට සිදුවිය. මා තනිවන හැම මොහොතකම ඔහු මාගේ සිගිති දෙතොල් හපා කෑවේය. ඔහුගේ පිරිමි ඇග මට පෙන්නුවේය. අවුරුදු දහතුනක් වයස මා බියෙන් මැරි මැරි සිටියෙමි. කිසි ආරක්ෂාවක් නොවීය.

හදිසියේම යලිත් අම්මා ආවාය. මම සතුටු වුණෙමි. අපි යලිත් ගෙදර ගියෙමු.‍ අම්මා සහ තාත්තා නිතරම ගුටි ඇණ ගත්තේය. අක්කාට නම් සිදුවෙන සියළු දේවල් සාමාන්‍ය  වුවාට මාහට ඒ දේවල් මානසික වදයක් විය.
අක්කාගේ කසාදයත් සමඟ අම්මාත් තාත්තාත් සමඟ තනිවුණෙමි. සාමාන්‍ය  පෙල අවසන් වීමත් සමඟ ම අම්මාට උවමනා වී තිබුනේ මාව කාගේ හෝ කරේ එල්ලීමටය. එහෙත් තාත්තාට උවමනාව තිබුණේ  මට තව දුරටත් උගන්වන්නටය. කොළඹ උසස් බාලිකා විද්‍යාලයක උසස් පෙල වාණිජ  අංශයෙන් පෙනි සිටි මා සමත් වුණෙමි. විභාගයේ ප්‍රථිඵල දකින්නටත් පෙර මගේ අවසාන බලාපොරොත්තුව වූ තාත්තාද යන්නට ගියේය. ඉන්පසු අම්මාත් මාත් නිවසේ තනිවුණෙමු.
ඔය කාලයේ වත්තේ සිටි සුමුදු අයියා මගේ පස්සෙන් එන්නට පටන්ගත්තේය. ඔහු මට කැමැත්තෙන් සිටි බව පෙන්වීය. තමන් පසුපස කොල්ලෙක් පැමිණීම තරුණියකට ආස්වාදයකි. එහෙත් මම කෙල්ලන්ට උරුම ආඩම්බරයම ඔහුට පෑවේ ඔහු ගැන සිහින මවමිනි. දිනක් මම පංතියකට ගොස් රෑ බොවී ගෙදර එද්දී නිවසේ දොර වසා තිබුණි. තට්ටු කළත් ඇරියේ නැත. මම අම්මාට ඇමතුමක් ගත්තෙමි. නිවස ඇතුලින් දුරකථනය නාද විය. වත්තේ කතාවක් තිබුණේ සුමුදු අයියා සහ අම්මා අතර සම්බන්ධයක් ඇති බවයි. මම සුමුදු අයියාට ඇමතුමක් ගත්තෙමි. ඔහුගේ දුරකථනයත් නිවස තුළින් නාද විය. අම්මා සහ සුමුදු අයියා ගේ ඇතුලේය. මට දැනුනේ දරාගන්නට බැරි අපුලකි.

මේවායින් පසුව අම්මා මට අරාබියේ  රැකියාවක් කරන්නට පෙරැත්ත කළාය. ඇයට ඕනෑ වුණේ මුදල්ය. මා සෞදියේ රූපලාව්‍යාගාරයක සේවයට ගොස් සෑම මසකම මට ලැබෙන මාසිය වැටුප අම්මාගේ නමින් ඇගේ බැංකු පොතට බැර කලෙමි. ඒ ඉතිරියක් වනු ඇතැයි සිතාය. සියල්ල නිවැරදි වනු ඇත. අම්මා සවුදියේ සිටින මට ආදරයෙන් කතාකළාය. මා අම්මාගේ ආදරය වින්දේ ඒ කාලයේදීය. මව් සෙනෙහස ඈත සිට ලැබුවෙමි.
අවුරුදු හයක සේවා කාලයකින් පසුව මා යලිත් ලංකාවට ආවේ අම්මාව වැලදගෙන ඒ අවුරුදු හය තුල මා විඳි දුක් ගැහැට කියා අඬන්නටය. ඇගේ අතින් බත් කටක් කවාගන්නටය.මා නිවසට එන විට අම්මා බාප්පා කෙනෙකු ගෙනැවිත් තිබුණි. මා බැංකුවට දැමූ සතයක්වත් ඉතිරි වී නොතිබුණි. බාප්පා මට වරෙක නොරිස්සුම් බැලුම්ද විටෙක ආශාබරිත බැලුම්ද හෙළන්නට පටන්ගත්තේය. 

නිවසට පැමිණ තුන්වැනි දිනයේ බාප්පා මට කීවේ අම්මා සමඟ නිදාගන්නටවත් මා නිසා ඉඩක් නැති බවකි. අම්මා ගැන එවැන්නක් කීම දරාගන්නට නොහැකි විය. බාප්පා මා ගෙදර ඉන්නවාට අකමැති නිසා අම්මා කියුවේ මට ගෙදරින් යන්න කියාය. අතේ තිබුනේ රුපියල් පන්සීයක් පමණි. ඇඳුම් දෙක තුනක් කුඩා ගමන් මල්ලකට දමා ගත් මා තුන්වැනි දවසේ ගෙදරින් එළියට බැස්සේ අම්මාටත් බාප්පාටත් ඔහුන්ගේ විවාහ දිවියට සුබ පතමින්‍ ය.

ඇය මගේ අම්මාය. දැනුත් ඇයම මට සිහිනෙන් පැමිණ කතාකරන්නීය. ආදරයෙන් කතාකරන්නීය. එවන් මොහොතකදී පමණක් මම අම්මාට ආදරය කරමි.

46 comments:

  1. ඔහොම කතා කොච්චර තියනවද

    ReplyDelete
    Replies
    1. මේකත් ඒවා අතරින් එකක්

      Delete
  2. දුක විතරද උරුමේ...සංවේදි කතාවක්.

    ReplyDelete
  3. ආඩම්බරයි තේරුමක් නැතුං

    ReplyDelete
  4. දැන් මෙයා මොකද කරන්නෙ

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවේ ඉන්නේ.

      Delete
    2. මේ පිළිතුර නොපෙනීමටත් හේතුව සුදු අකුරු!

      Delete
    3. අවුල දැක්කා. හදාගත්තා. ස්තූතියි!! 

      Delete
  5. කමෙන්ට් වලට රිප්ලයි දාපං... අනිත් අය ලියන ඒවට කමෙන්ට් කරපං...

    ReplyDelete
    Replies
    1. තමන්ට කෙළවෙනවා වගේ උනොත් අැනෝ වහපන්

      Delete
    2. ස්තූතියි උදාර....
      උඩුවා කියන්න තියෙන දෙයක් කමෙන්ට් නොකර පෞද්ගලිකව කියන්න පුළුවන්

      Delete
    3. //තමන්ට කෙළවෙනවා වගේ උනොත් අැනෝ වහපන්//

      එතකොට වෙන තැංවල නැතිවෙන්ඩම නෙලනවා යකෝ

      Delete
  6. මීට ටික දොහකට කලින් සුරන් කොලුවා ලිව්වා වතු දෙමල්ලු ගැන.... ඒ වෙලාවේ මම කියපු දෙයක් තමයි ඊටත් අන්ත ජීවිත ගෙවන පිරිසක් තමයි කොළඹ හා අවට වතු වල ඉන්න ජනතාව කියන දේ.. වැලිකඩ හිර ගෙදර ඉන්න අති බහුතර්ය වතුවල කොල්ලෝ කෙල්ලො.. පාතාලය රජ කරන මෙවන් තැන්වල කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු.. ඔය කිරුළපන ඇලේ ගහගෙන ගිය පොඩි කෙල්ලගෙ කතාවත් මේ වගේම දෙයක්..

    දුකයි.. ඒත් අපි මොනවා කරන්නද.. කරන්න පුළුවන් උන් පිස්සු කෙලින කොට...

    මෙන්න මේ නිසයි මම උන් ගැන කතා කරන සයිමන් නවගත්තේගමලට, ඉරාජ්ලට, ස්මෝකිලට කැමති....

    ReplyDelete
    Replies
    1. ඒ ගැන අපේ අය කතාකළා මදි. මම ඒ වගේ අය ගොඩක් දැකලා තියෙනවා. ඒ අය ගැන ඉදිරියේදී ලියනවා.
      ස්තූතියි මාතෙ අයියෙ

      Delete
  7. මේ ගෙන්දගම් පොලොවේ ජීවත් වෙන මේ වගේ අතීත කතා ඇති මිනිසුන් බොහෝය.
    මෙවැනි එක ජීවිතයක් හෝ ඒ අපායෙන් එගොඩ කරවන්න හැකියාවක් ඇති නම් එය කෙතරම් මානසික සුවයක් ලබා දෙන දෙයක් වේද?

    ReplyDelete
    Replies
    1. ජීවිත ගොඩක් එකපාර එගොඩ කරන්න පුළුවන් මේ දේශපාලනේ හරියට හදාගත්ත දවසට

      Delete
  8. ඉතාමත් සංවේදී කතාවක්. බ්ලොගයට සුභ පැතුම්.

    ReplyDelete
  9. පිස්සු හැදෙයි. ලංකාවේ මානවහිමිකම් කාන්තා අයිතිවාසිකම් ගැන නංදොඩවන සංවිදාන දෙකක් දාල හිල්ටන් හෝටලේ උත්සව පවත්වල ඒ වලට රාජ්‍ය නායකයනුත් ගිහිල්ල ආතල් දොඩවන රටක මොහොතක මේ වගේ ජිවිත වලට දෙය්යන්ගේම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. දෙයියන්ගෙ පිහිටයි

      Delete
  10. සුභ පැතුම් අක්කේ අලුත් බ්ලොග් එකට.... හරිම සංවේදී කතාවක්!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තූතියි මල්ලි

      Delete
  11. අම්මගේ ආදරයෙන් විනාශ නොවී ඉතිරිවුන රු 500 ත් අරන් එලියට බැහැපු ඇගේ දෛර්‍යය ගැන සතුටුයි...

    ReplyDelete
    Replies
    1. ඔව්! ඇය ධෛර්ය සම්පන්නයි

      Delete
  12. බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් එක නිසා සුදු අකුරු කියවන්න අමාරුයි.

    මං හිතන්නේ රූප නැති ලා පාට පසුබිම සහ තද පාට අකුරු තමයි කාටත් කියවන්න ලේසි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.
      මම ඒක වෙනස් කළා.! 

      Delete
  13. කුරුණෑගල පැත්තේ ටිකක් ඇතුලට වෙන්න තියෙන පාසැලක් මම දන්නවා. ඒ පාසැලේ ළමයින්ගේ අම්මලා වැඩි දෙනෙක් විදේශගත වෙලා. ආදරයක් කරුණාවක් රැකවරණයක් නැති නිසා වෙන්න ඇති අවුරුදු 15 වෙනකොට හුගක් කෙල්ලො පවුල් වෙලා.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකේ පුළුවන් නම් ඒ ඉස්කෝලේ නම මට එවන්න. අපට පුලුවන් ගිහින් යමක් කරන්න

      Delete
  14. කියන්න අමතක උනා මාතලන් ගුරුතුමා තමයි මෙහාට එන්න පාර කිව්වෙ

    ReplyDelete
    Replies
    1. මාතලන් සහ අටම් අයියා උදව් කලා. !@ 

      Delete
  15. සිරාවට ලංකාවේ උන් තෙල් සල්ලි වලින් කෑවා බිව්වට අපේ අනාගතේ නාන්නත්තාර වෙන්නෙත් ඒක හින්දම තමා

    ReplyDelete
    Replies
    1. අනාගතේ කොහොමත් නන්නත්තාරයි. විශේෂයෙන් ගෑණුන්ට

      Delete
  16. ගෘහ සේවිකාවන්(?) වශයෙන් කාන්තාවන් අපනයනය කිරීමේ අවම වයස් සීමාව 21 කිරීම පිටිපස්සෙ තියන කතාවත් සුන්දර නොවෙන බව මේ උදවිය දකිනවා නම්..
    ජයවේවා..!!

    ReplyDelete
  17. ඔයාගේ මේ ලියමන නම් පට්ට...

    ReplyDelete
  18. උඩුවා ගේ පෙම්වතියගෙ පින්තූරෙ වරෙක දැක්කා. ඔබ ඇයද? අළුත් බ්ලොග් එකට සුභ පැතුම්. මාතලන්ගේ මඟපෙන්වීමක්

    ReplyDelete
  19. මම කැමතිම අන්තිම පැරග්‍රාෆ් එකට

    ReplyDelete
  20. ඔබ ලියන මේ සත්‍ය , මේ සත්‍ය තුල ඉන්න චාරිත වලට පිහිටක් වෙන්න පුළුවන් අයගෙත් අවදානයට ලක්වෙන සාර්ථක බ්ලොග් එකක් වේවා..!

    ReplyDelete