Saturday, November 12, 2016

හරිත පුස්තකාලයෙන් එහා Thank you...






මහරගම අපේක්ෂා රෝහලේ හරිත පුස්තකාලය වෙනුවෙන් පොත් දෙදාහකට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. දෙවැනි පොත් එකතුව අද බාරදෙන්න හැකිවුණා. ඉතා චාම් විදියට.

ඒ වෙනුවෙන් කැපවුණ සියලු දෙනාට ස්තූතියි. හරිත පුස්තකාලය වෙනුවෙන් මහන්සි වුණ අය විදියට එළියේ නම් කියැවුණ අයට වඩා නොකියවුණ අය වැඩියි.

හරිත පුස්තකාලය මහරගම අපේක්ෂා රෝහලට තිබුණු ලොකුම අවශ්‍යතාවය නෙවෙයි.




මානසික පසුබිම, පෝෂණය සහ පිරිසිදු පරිසරය කියන තුන අත්‍යාවශ්‍ය සහ අපේක්ෂා රෝහලේ නැති දේවල්. අපේක්ෂා රෝහලට ඒ දේවල් දිනා දෙන්න ලොකු සටනක් කරන්න වේවි.

කැන්සර් වලට බෙහෙත් නැහැ. ඒකත් එක්ක සටන් කරන්නයි ඕන. ඒ සටන වෙනුවෙන් කැන්සර් රෝගින්ට පසුබිම හදන්නත් උදව් කරන්නත් ඕන.

ඇතැම් විට පුන්චි ළමයි. ඒ අයගෙ සටනට ගොඩක් උදව් ඕන.

පොත් ගිහින් දීම අපට හැකි විදියට කරපු දෙයක් වුණත් ඒ අයගෙ පැත්තෙන් ගොඩාක් ලොකු දෙයක් නෙවෙන්න පුළුවන් තමයි.

මීට කලින් මම වරක් ලීව මේ අයට තැඹිලි ගෙඩියක්, කොමඩු ගෙඩියක් දෙන එක ප්‍රමාණවත් නෑ කියල.

එහෙම ලීවෙ මහන්සි වෙලා ඒවා ගෙනෙන අයට අපහාසයක් විදියට නෙවෙයි. එතැනින් එහාට කළයුතු දේවල් තියෙනවා කියල කියන්නයි.

චැරිටියෙන් එහාට යමු. අපිත් පොත් දීමෙන් එහාට යනවා.

අපට හැකි විදියට ඒ අය වෙනුවෙන් කතා කළ යුතුයි.

ආයෙමත්, පොත් දීපු ඔබට ස්තූතියි.


1 comment: